නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රි ලාංකිකයින් පිරිසක් ද සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය පවසනවා.
ඒ අනුව ලොව පුරා රටවල් රැසකින් පැමිණ, අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින 1,445,549ක ලැයිස්තුවක් සකස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එම පිරිසට අතර ශ්‍රි ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.