ඇල්ල ඔඩිසි e-ටිකට් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තාක්ෂණික නිලධාරියා සතුව තිබී දුම්රිය e-ටිකට්පත් 92 ක්ද හමුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට්පත් විදේශ සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟ තබා ගත් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
එසේම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්ල ඔඩිසි e-ටිකට්පත් විකිණීමේ ජාවාරමේ යෙදුන තවත් සැකකරුවෙක් ඊයේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර මෙතෙක් මෙම ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.