වීසා රහිත රටවල්
ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා නොමැතිව යන්න පුලුවන් රටවල් මෙන්න
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලොව පුරා විවිධ රටවලට සංචාරය කළ හැකි අතර, ඒ සෑම රටකටම වෙනස් වීසා අවශ්‍යතා ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ගමන්බලපත්‍රයක් හිමි ඔබට හරියට ලංකාවේ තැනකට යනවා වගේ ගුවන් ටිකට් පතක් අරන් යන්න පුළුවන් රටවල් 21 ක් පිළිබඳව Visa Guide World පිටුවේ 2025 වසරේ නම් කර ඇත.
වීසා නොමැතිව යන්න පුළුවන් රටවල් 21
- බහමාස්
- බාබඩෝස්
- බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්
- කුක් දූපත්
- ඩොමිනිකා
- ගැම්බියාව
- ග්‍රෙනාඩා
- හයිටි
- කිරිබති
- ලෙසෝතෝ
- මලාවි
- මයික්‍රොනීසියාව
- මොන්ට්සෙරාට්
- රුවන්ඩාව
- ශාන්ත කිට්ස් සහ නෙවිස්
- සිංගප්පූරුව
- ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
- තජිකිස්තානය
- තායිලන්තය
- වැනියුටු
- වෙනිසියුලාව
මීට අමතරව ශ්‍රී ලංකාවෙන් යන විට වීසා නොමැතිව රටට ගියාම ගුවන් තොටුපළෙන් වීසා එකක් පහසුවෙන් රැගෙන සංචාරයක කල හැකි ගමනාන්ත 21 ක් ඇත. ඒ රටවල් වන්නේ:
ගමනාන්තයට ගිය පසු වීසා ලබාගත හැකි රටවල්
- බොලිවියාව
- බුරුන්ඩි
- කාම්බෝජය
- කේප් වර්ඩ්
- කොමරෝස්
- ජිබුටි
- ගිනියා-බිසාවු
- ලාඕස්
- මැඩගස්කරය
- මාලදිවයින
- මොරිටේනියාව
- මොරිටේෂස්
- නේපාලය
- නියු
- පලාවු
- සමෝවා
- සීෂෙල්ස්
- සියෙරා ලියොන්
- ටැන්සානියාව
- ටිමෝර්-ලෙස්ටේ
මීට අමතරව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පහත රටවල් දෙකද අනිවාර්යෙන් යෑමට හැකි රටවල් 2 ක් වන අතර මාර්ගගත ක්‍රමය යටතේ වීසා බලපත්‍රයක් (eTA) පූර්ව ලබාගෙන නැරඹීමට සුදුසුකම් ඇති රටවල් 2 ක් ලෙස නම් කර ඇත.
eTA පූර්ව අනුමැතිය අවශ්‍ය රටවල්
- කෙන්යාව
- පකිස්තානය
එමෙන්ම තානාපති කාර්යාලයකට සම්මුඛ පරීක්ෂණයක නොගොස් ගෙදර සිටම eVisa පහසුකම් යටතේ පැයක් හෝ දින කිහිපයක් තුල පහසුවෙන් වීසා පහසුකම් ලබාගත හැකි රටවල් 46 ක් පිළිබඳ දක්වා ඇත. ඒ සඳහා තමන් ඒ රටට යන කාරණය රැඳී සිටින දින ගණන පැහැදිලිව සටහන් කොට නිශ්චිත මුදලක් ගෙවිය යුතු වේ. එසේ මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයක් හිමි ඔබට ඉල්ලුම් කල හැකි රටවල් පහත දැක්වේ.
eVisa ලබාගත හැකි රටවල්
- ඇල්බේනියාව
- ඇන්ටිගුවා සහ බාබුඩා
- ඕස්ට්‍රේලියාව
- අසර්බයිජානය
- බහරේනය
- බෙනින්
- භූතානය
- බොට්ස්වානා
- බුර්කිනා ෆාසෝ
- කැමරූන්
- කොලොම්බියාව
- කොංගෝ (දෙම. ජන.)
- අයිවරි කෝස්ට්
- ඉක්වදෝරය
- එල් සැල්වදෝරය
- සමක ගිනියාව
- ඉතියෝපියාව
- ගැබොන්
- ගිනියාව
- හොං කොං
- ඉන්දියාව
- ඉන්දුනීසියාව
- ඉරානය
- ඉරාකය
- කසකස්තානය
- කිර්ගිස්තානය
- ලිබියාව
- මැලේසියාව
- මෝල්ඩෝවා
- මොසැම්බික්
- මියන්මාරය
- නයිජීරියාව
- ඕමානය
- කටාර්
- සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ
- දකුණු සුඩානය
- ශාන්ත හෙලේනා
- සුරිනේම්
- සිරියාව
- ටෝගෝ
- උගන්ඩාව
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- උස්බෙකිස්තානය
- වියට්නාමය
- සැම්බියාව
- සිම්බාබ්වේ
මෙසේ ලංකාවේ පාස්පෝර්ට් එක තවමත් බලවත් පාස්පෝර්ට් ලෝක දර්ශකයේ රටවල් 200 අතර ඇත්තේ 180 වන ස්ථානයට වීම මෙලෙස ඉතා අඩු රටවල් සඳහා වීසා රහිතව ගමන් කිරීමට අවස්ථාව ලැබීමට ඇති ප්‍රධානම හේතුව වේ.

